ඉඩෝරය නිමා වෙලා
වැහි බිංදු මිහිකත සිපගන්න පටන්ගෙන..
එරබදු මල් හැනැහෙන්න අර අදිනවා…
වසත් කළ ගස් මලින් බර වෙද්දී
කොවුලන් සුමිහිර ගී ගයද්දි
පුංචි මල් කැකුළු වල සිහින බලාපොරොත්තු
එකින් එක දළුලන්න පටන් ගන්නවා…
පාට පාට ලස්සන ලස්සන
පුස්ඹ ගහන අලුත් ඇදුම්…
ඒ සිහින අතර සිත කිතිකවමින්
සිය දහස් වර
මනිසින් පලදින්න පටන් ගන්නවා…
අලුත් ඇදුම් ඇදලා නැගම් යන්න…
යාලුවෝ එක්ක සෙල්ලම් කරන්න…
අලුත් අවුරැද්දට කැවුම් කොකිස් අරගෙන
ලොකු ටිචර් බලන්න එන්න
ඒ පුංචි සිත් වල පුංචි සිහින අතර තියෙන
ලොකු ලොකු කතන්දර ….
ඒත්
ඒ සිහින සැම පුංචි සිතකම සැබැ වෙන්නේ නැහැ
නැතිබැරි කම්, අගහිග කම්,
දෙමාපියන්ගේ ලය දවා හළුකරණ
සෝ සුසුම් වා තලයට මුසුවෙලා
මද පවන වෙලා, රළු සුළග වෙලා
අපේ ඇගේ හැපි හැපි
අපිට කියන්නේ ඒ කථාවයි…
අපි මේ සිංහල හින්දු අලුත් අවුරැද්දේ
හැම පුංචි හිතකම සිහින
සැබෑ කරන්න වෙර දරමු.
එක්ව එකාවන්ව
පෙර පාසලින් පෙර පාසලට නැ ගම් යමු.
දෙපයින් බැරිනම් හදවතින් යමු.
පුංචි සිත් සනසන්න
ආදරයෙන් ලෙන්ගතුකමින්
අපි කොහේ සිටියත් එකට එකාවන්න
හදින් බැද තබන්න
එක්ව ආදරයෙන් අවුරැදු සමරමු..
මේ අවුරැද්දේ අපි
කිරි සමග ආදරය උතුරැවමු…
අපි ඇත ගම් දනව්වල වෙසෙන
අපේම පුංචි පැටවුන්ටත් එක්ක
අලුත් අවුරැද්දේ අලුත් ඇදුම් තෝරමු..
පුංචි පුතාගේ පුංචි දුවගේ අතින්
අපේම රටේ ඈත කොනක සිටින
අපේ ම දරැවෙකුගේ ගත සරසලා සිත පුරවලා
මුළු අවුරැද්ද පුරාම සතුට භුක්ති විදින්න පුළුවන්
සුභ නව වසරක් අපි ගොඩනගමු…
මේ අලුත් අවුරැද්ද
අවුරැද්දේ හැම දාම සතුටු වෙන්න පුලුවන්
අලුත්ම අලුත්, අලුත් අවුරැද්දක් කරමු…
පෙර පාසල් වයසේ දුවෙකුට පුතෙකුට
ගැලපෙන ලස්සන අලුත් ඇදුමක්…
බැරි නම් හොද පිරිසුදු තැගි දෙන්න පුළුවන්
ඇදපු හොද ඇදුමක්…
අපි අපේ ලොකු ටිචර්ට ගිහින් දෙමු
අපේ ආදරයේ සුවද කැටි කරලා
අපේ උනුසුමත් එක්ක
දුර ඇත තියෙන ගමක
අපේම පුංචි යාලුවෙකුට යෙහෙලියකට
දෙන්න කියලා ආදරෙයන්, සෙනෙහසින්….
සිංහළ හින්දු අලුත් අවුරැද්ද
ආදරය සෙනෙහස අස්වද්දන
පුංචි මල් කැකුළු මත ආදරයේ
පිණි දිය ඉස්සන වසරක්ව කරමු.
වැඩසටහනට අදාල සියලු පෝරම සහ විස්තර පහත දක්වා ඇත.
- අත්පතිකා අවශ්‍ය නම් මෙම අකුරු මත Click කරන්න.
-
තෑගි ලබාදීමට කැමති පෙරපාසල් මෙම අකුරු මත Click කර සටහන් කරන්න. ඔබට ලබාදිය හැකි පිරිමි දරුවන්ගේ ඇදුම් ප්‍රමාණය සහ ගැැණු දරුවන්ගේ ඇදුම් ප්‍රමාණය මෙහි සටහන් කරන්න. – ඔබ සටහන් කරන සංඛ්‍යාව පසුව වෙනස් කිරීමට අවශ්‍ය නම් නැවත මෙම අකුරැ මත Click කර Edit your response මත දෙවන වර පිවිසීමේදි Click කරන්න..
-
තෑගි ලබාදීමට ඉදිරිපත්ව ඇති පෙරපාසල්වල විස්තර
-
තෑගි බෙදාදීමට අනුරාධපුරයට යෑමට කැමති ගුරැවරියන් තම විස්තර මෙහි සටහන් කරන්න
-
Gifts for Kids – 2025 ව්‍යපෘතියට අඅදාල ඔබේ පෙර පාසලේ ජායාරෑප සහ විඩියෝ ඇතුලත් කිරීමට මෙම අකුරැ මත Click කරන්න
-
සත්කාර ලබන පෙරපාසල්වල විස්තර සහ සත්කාරක පෙරපාසල්වල විස්තර මෙහි යාවත්කාලීන කරණූ ඇත.
ආදරණීය ලොකු ටිචර් වෙත,
අපි මුල් ළමාවිය දරැවන් තුළ 21 වන සියවසට අදාල කුසලතා සංවර්ධනය ගැන කථාකරන්නෙමු. ඒ සදහා ව්‍යපෘති පාදක ඉගෙනුම (Project based Learning) වල වටිනාකම ප්‍රායෝගිකව අත්හදා බලමු.
එළඹෙන සිංහල හින්දු අලුත් අවුරැද්දට පෙර පාසල මට්ටමින් අලුත් ව්‍යපෘතියක් දරැවන්ට ආරම්භ කරන්න උදව් කරමු. උතුරු මැද පළාතේ ඈත දුශ්කර ප්‍රදේශවල පිහිටි පෙර පාසල්වල දරුවන්ට අලුත් අවුරුද්දට අලුත් ඇදුම් පැළදුම් අරගෙන හදවතින් නෑගම් යන්න දරුවන්ට අවස්ථාව ලබා දෙමු. ඔබ මේ සදහා දරුවන්ට මග පෙන්වන්න.
අම්මා තාත්තා නැන්දා මාමා පවුලේ සෙසු අය දරුවන්ට අවුරැද්දට ඇදුම් පැළදුම් ගන්න විට දුර පළාතක ඉන්න තමන්ගේ යාළුවන්ටත් තැගි දෙන්න අලුත් ඇදුම් පැළදුම් ගන්න ඔවුන්ව දැනුවත් කරන්න. ඔවුන් හරහා අලුත් ඇදුම් පැළදුම් මිලදී ගන්න දරුවන්ට කියලා දෙමු. එහෙම නැත්නම් ඉතා හොද මට්ටමේ තියෙන තෑගි දෙන්න පුළුවන් ගෙදර තියෙන ඇදුම් පැළදුම් වලින් කිහිපයක් දුර පළාතේ පෙර පාසලේ යාහළුවන්ට දෙන්න සුදානම් කර ගන්න දරුවන්ට මග පෙන්වමු.
දරුවන්ට එහෙම ඇදුම් පැළදුම් කිහිපයක් එකතු කරලා ලොකු ටිචර්ට ගෙනත් දෙනවිට දරැවෝ ගොඩක් දේ නොදැනීම ඉගෙන ගන්නවා. නායකත්වය, සාමුහිකත්වය, ආදරය, කරැණාව, බෙදාහදාගැනීම, විතරක් නොවේ අපි කථාකරණ 21 වන සියවසට අවශ්‍ය කුසලතා දරැවෝ තුළ නොදැනුවත්ම රෝපණය වෙනවා. ඒක නිසා මේ ව්‍යපෘතිය දරුවන් තුළ 21 වන සියවසේ් කුසලතා දියුණු කරන ව්‍යපෘතියක් කරමු. මේ ඇදුම් පැළදුම් ටිකක් එකතු කරලා තවත් පෙර පාසලකට ලබා දෙන ප්‍රජා සත්කාර් යක් නොවේ. දරුවන්ගේ නායකත්ව කුසලතා දියුණු කරණ දරුවන්ට ආත්ම තෘප්තිය විදින්න අවස්ථාව ලබා දෙන දරුවන්ගේ ව්‍යපෘතියක් කරමු.
දරුවෝ එකතු කරලා ලොකු ටිචර් ට ගෙනත් දෙන ඇදුම් පැළදුම් ලොකු ටීචර් ලස්සනට තැගී පාර්සලයක් කරලා සුදානම් කරන විට උතුරු මැද පළාතේ හිටපු පෙර පාසල් අධ්‍යක්ෂක නිලන්ත මාමා තෑගි දෙන්න අවශ්‍ය සුදුසුම පෙර පාසල් ටික තෝරලා සම්බන්ධ කරලා දේවී.
පෙර පාසල් මට්ටමින් එකතු කරන ඇදුම් පැළදුම් ටික එකට රුස්කරලා අවශ්‍ය සම්බන්ධීකරණය කරලා අවශ්‍ය මග පෙන්වීම ලබා දෙන්න බස්නාහිර පළාතේ පෙර පාසල් ඒකකයේ අධ්‍යක්ෂ දුශ්මන්ත සර් ත් මධ්‍යම පළාතේ මුල් ළමාවිය අධ්‍යක්ෂ ගුණතිලක සර් ත් සර් ත් අනිත් හැමෝමත් උදව් කරාවි.
අපි කථාකරෙන නූතන ඉගැන්වීම් ක්‍රම ප්‍රායෝගිකව භාවිතා කරමු. අත්දැකීම් පාදක ඉගෙනුම, ව්‍යපෘති පාදක ඉගෙනුම්, සාමුහික ඉගෙනුම් එකී නොකී හැම නූතන ඉගෙනුම් ක්‍රමයක්ම මේ ව්‍යපෘතිය තුළින් අපි ප්‍රායෝගිකව අත්හදා බලමු.
මේ ක ලොකු වැඩක් අපි පුංචියට පටන් ගනිමු.
මේ අලුත් අවුරැද්ද හැම අවුරැද්දකටම වඩා දරුවන්ට ලස්සන වේවි. අලුත් අවුරුද්දේ සුවද දරූවන් විදගනීවි.
මේ වැඩේට උදව් කරණ සියලු ටිචර් ලා මේ වැඩේ සාර්ථක කරගන්න නායකත්වය ගන්න අපිත් එක්ක එකතු වෙන්න.
පෙර පාසල් ගුරැවරියන්ට මේ පිළිබදව වැඩි විස්තර ඔනේ නම් 0727573045 වට්සඇප් පණිවිඩයක් තියන්න. (Call ගන්න එපා. වට්සඇප් පණිවිඩයක් තියන්න. )
වැඩි විස්තර වින්ද්‍ය ටිචර් 0777378472 දුල්සි ටීචර් 0776591910 හෝ සුජානි ටිචර් 0776316362 වෙත voice message ඒකක් තියන්න. ඔබටත් මෙම සංවිධාන කමිටුවට සම්බන්ධ වෙන්න ආදරයෙන් ආරාධනා කරන්නෙමු.
ඔබට ලබාදිය හැකි පිරිමි දරුවන්ගේ ඇදුම් ප්‍රමාණය සහ ගැැණු දරුවන්ගේ ඇදුම් ප්‍රමාණය මෙම අකුරු මත Click කර සටහන් කරන්න. – ඔබ සටහන් කරන සංඛ්‍යාව පසුව වෙනස් කිරීමට අවශ්‍ය නම් Edit your response මත දෙවන වර පිවිසීමේදි Click කරන්න..
At Anuradhapura giving the gifts for children
Digital Creation
Contain writing
Facebook Post
Web Post