NVQ4 – ECCD

NVQ Level 4 (ECCD)

වසර 5 ක සේවා පළපුරැද්දක් ඇති සෑම පෙර පාසල් ගුරුවරියකටම RPL හරහා  NVQ 4 වන මට්ටම  ලබාගැනිමට නොමිලේ මගපෙන්වීම

මුල් ළමාවිය රැකවරණය හා සංවර්ධනය පිළිබද උනන්දුව දක්වන අයට ඒ් සදහා විධිමත් වෘත්තීය පුහුණුවක් ලබාගෙන වෘත්තීය සුදුසුකම් ලගා කර ගත හැක. මුල් ළමාවිය සම්බන්ධව විවිධ සහතික පත් හා ඩිප්ලෝමා තිබුන ද දේශීය ව හා අන්තර්ජාතිකව ඉහළම පිළිගැනීමක් ඇති සහතිකය වන්නේ මුල් ළමාවිය සංවර්ධනය සම්බන්ධව ලබාගන්නා NVQ 4 වන මට්ටම සහතිකය යි. ඒම සහතිය ලෝකයේ ඔ්නෑම රටක මුල් ළමාවිය සංවර්ධන ගුරුවරියක් ලෙස සේවය කිරීමට වෘත්තීය සුදුසුකම්කි.

NVQ 4 වන මට්ටම ලබාගත හැකි ක්‍රමවේද දෙකකි. 

  1. Competency Based Training (CBT) – තීතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ ලියාපදිංචි වෘත්තීය පුහුණු ආයතනයක ප්‍රනීතනය කරන ලද මුල් ළමාවිය පිළිබද පාඨමාලාවක් හදාරා ඒම ආයතනය හරහා NVQ ඇගයීම් ක්‍රියාවලියට ඉදිරිපත්ව NVQ 4 වන මට්ටම ලබාගත හැක. (South Asian International Institute of Higher Education ආයතනය ඒසේ වෘත්තීය පුහුණූ පාඨමාලා පවත්වන ආයතනයකි. )
  2. Recognized Prior Knowledge (RPL) – EPF/ETF මගින් හෝ පිළිගත් ක්‍රමවේදයක් ඔස්සේ සනාථ කළ හැකි වසර 4 ක  විධිමත් සේවා කාලයක් සහිත හෝ වසර 4 කට වැඩි කාලයක් ලියාපදිංචිය සහිත තමාගේ පෙර පාසලක් හිමි වයස අවුරුදු 23 සම්පූර්ණ කළ මුල් ළමාවිය සංවර්ධන ගුරුවරියන්ට තම දැනුම පදනම් කරගෙන (RPL ක්‍රමය ඔස්සේ) NVQ ක්‍රියාවලියට ඉදිරිපත් විය හැක. 

RPL හරහා අයදුම් කර ඇගයීම් ක්‍රියාවලියට ඉදිරිපත් වන්නේ කෙසේද යන්න බොහෝ ගුරුවරු නොදනිති. එසේ අයදුම් කල ද අයදුම්පතේ හෝ සහතික පත්‍රවල අඩුපාඩු නිසා අයදුම්පත් ප්‍රතික්ෂේප වන අවස්ථා ද ඇත. අයදුම්කල ද ලිඛිත විභාග හා ප්‍රායෝගික පරීක්ෂණ සදහා අවශ්‍ය දැනුම ගුරැවරියන්ට අල්පය. මේ තත්ත්වයන් නිසා මුල් ළමාවිය රැකවරණ්‍ය හා සංවර්ධන කේෂ්ත්‍රයේ ගුණාත්මක සංවර්ධනය වෙනුවෙන් පිහිටුවා ඇති ස්වේච්ජා සංවිධානයක් වන SAIA4ECCD ආයතනය RPL හරහා NVQ ලබාගැනීමට අපේක්ෂා කරන  සාමජික සාමාජිකාවන්ට එම සංගමය හරහා අයදුම්කිරීමට පහසුකම් සලසා ඇත. ඒ සදහා කිසිදු ගාස්තුවක් අය නොකරයි. සාමාජික ගුරැවරියන්ගේ ගුණාත්මක සංවර්ධනය සදහා මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ. මේ යටතේ පහත පහසුකම් සලසා ගත හැක.

  • අයදුම්පත හා සේවා සහතික ප්‍රතික්ෂේප නොවන පරිදි ලේඛනවල අඩුපාඩු තිබේනම් එවා නිවරදි කර ගැනීමට මගපෙන්වීම ලබාගත හැක. 
  • ලිඛිත විභාගය සමත්වීම සදහා අවශ්‍ය මගපෙන්වීම හා දේශණ නොමිලේ ලබා දෙයි.
  • ප්‍රායෝගික පරීක්ෂණය සදමත්වීම සදහා අවශ්‍ය මගපෙන්වීම නොමිලේ ලබාදෙයි.

  SAIA4ECCD  දකුණු ආසියාතික රටවල මුල් ළමාවිය රැකවරණය හා සංවර්ධන කේෂ්ත්‍රයේ ගුණාත්මක සංවර්ධනය සදහා ර්‍ශී ලංකාවේ 2007 අංක දරණ සමාගම පනත යටතේ පිහිටුවා ඇති ලාභ චේතනාවෙන් තොරව ක්‍රියාත්මක වන සංවිධනයකි. දකුණු ආසියා අන්තර්ජාතික උසස් අධ්‍යාපන ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරී ජානක කමල්ගොඩ මහතා සභාපති ලෙස ක්‍රියාකරයි.  මේ පිළිබදව වැඩි විස්තර www.saia4eccd.org මගින්ය ලබාගත හැක.  saia4eccd හරහා RPL ක්‍රමයට NVQ අයදුම්කිරීමට බලාපොරොත්තුවන සංගමයේ සාමාජිකයින් මෙම අකුරු මත click කර  ඉල්ලුම් කරන්න. වැඩි විස්තර හා අයදුම්පත ඔබට විද්‍යුත් තැපැලෙන් යොමු කෙරෙනු ඇත. 

මුල් ළමාවිය රැකවරණය හා සංවර්ධනය පිළිබද ගුරු පුහුණු ආයතනයක වන SAIIHE ආයතනය ප්‍රජා සත්කාර්යයක් ලෙස 2020 වසරේදී බස්නාහිර පළාතේ පෙර පාසල් ගුරැවරීයන් 2000 කට නොමිලේ RPL හරහා NVQ ලබාගැනීම සදහා අවශ්‍ය න්‍යයාත්මක දැනුම දේශණ මාලාවක් ඔස්සේ නොමිලේ ලබා දුන්නේය.  ඒම දේශන සියල්ල saiihe youtube channel හි තැන්පත් කර ඇත.

විඩියෝ පාඩම් සියල්ල නැරඹීම සදහා මෙම අකුරැ මත Click කරන්න.

ගුරුවරියන්ගේ ඉල්ලීම මත ඒම විඩියෝ සියල්ලේ අන්තර්ගතය ඇතුළත් පොත් 03 ක් මුදණය කර දෙන ලදි. ඒම පොත් වනුයේ

i. මුල් ළමාවිය සංවර්වර්ධනය සදහා නව මං පෙත්

ii. මනෝවිද්‍යාව හා ජීවිතය

iii. මුල් ළමාවිය සංවර්ධනය සදහා ඉගෙනුම් ක්‍රමවේද

යන පොත් ය. ඒම පොත් වල ඇති කරැණු හොදින් කියවන්න. අවශ්‍ය වැදගත් තැන් Highlight කර ගන්න. 

(ඒම පොත් 03 ඔබට සහන මිලට මිලදී ගැනීමට අවශ්‍ය නම් මෙම අකුරැ මත Click කර අවශ්‍ය විස්තර ලබාගන්න.)

NVQ 4 වන මට්ටමට අදාල ලිඛිත පරීක්ෂණය සමත්වීමට අවශ්‍ය සම්පුර්ණ දැනුම ඒමගින් ඔබට ලබාගත හැක.

 ඔබගේ ගුරු භූමිකාව 21 වන සියවසට උචිත ලෙස සංවර්ධනය කර ගැනීමට මෙම Link ඒක මත Click  කර පළමුව SUBSCRIBE කර පිළිවෙලින් නරඹන්න.

Teachers who work in the early childhood education sector need professional qualifications to get registration at the preschool unit or pre-school authority in the department of education in the relevant province. Registration of the teacher is an essential requirement in Sri Lanka.

National vocational qualification (NVQ) level 4 is the basic professional qualification to register as an ECCD teacher. 

In the COVID period, an online lecture series was conducted free of charge to ECCD teachers in the western province by Mr. Janaka Kamalgoda, President SAIA4ECCD. 

All lectures will be published here. Teachers who have worked for more than 4 years can apply for the NVQ Level 4 examination directly. It is called the recognition of prior learning (RPL) system. for them, and all untrained teachers can get the whole knowledge relevant to the NVQ level 4 curriculum through this lecture series.

This is a totally free video series; learn from it and try to do your best for children who will make the world beautiful in the future.

  


Psychology for ECCD


Teaching learning methods – Curriculum in ECCD 


Child care for ECCD


Teacher Role


Special Education in ECCD


ECCD Management 



English | සිංහල | தமிழ்