Amazon College

Message from the Managing Director

ඇමසන් විද්‍යාලයේ පෙරපාසල් ඩිප්ලෝමා පාඨමාලාවට රජයේ අනුමැතිය

මුල් ළමාවිය අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛ අධ්‍යාපන ආයතනයක් ලෙස කටයුතු කරන ඇමසන් විද්‍යාලයේ පෙරපාසල් සහ මුල් ළමාවිය අධ්‍යාපන ඩිප්ලෝමා පාඨමාලාව සඳහා ශ්‍රී ලංකා කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ නිල අනුමැතිය හිමිව තිබේ.
මෙම අනුමැතියට අදාළ ලේඛන ප්‍රදානය කිරීමේ උත්සවය කොළඹ බත්තරමුල්ලේ පිහිටි කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේදී අමාත්‍ය පෝල් රාජ් සහ නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය නාමල් සුදර්ශනගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

එහිදී අමාත්‍යවරයා සහ නියෝජ්‍ය අමාත්‍යවරයා අතින් ඇමසන් විද්‍යාලය සහ ඇමසන් කැම්පස් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ ඉල්හාම් මරයික්කාර් මහතා මෙම නිල ලේඛන භාර ගත්තේය.
පෙරපාසල් සහ මුල් ළමාවිය අධ්‍යාපන ඩිප්ලෝමා පාඨමාලාව, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික මුල් ළමාවිය සංවර්ධන ලේකම් කාර්යාලයේ (NSECD) 2026 සිට 2029 දක්වා කාලසීමාව සඳහා නිල වශයෙන් ලියාපදිංචි කර ඇත.

මෙම අනුමැතියත් සමඟ අදාළ ඩිප්ලෝමා පාඨමාලාව ජාතික මට්ටමින් පිළිගත් අධ්‍යාපන වැඩසටහනක් බවට පත්ව ඇති අතර, සිසුන්ට ගුණාත්මක හා වෘත්තීය ක්ෂේත්‍රයට ගැළපෙන අධ්‍යාපනයක් ලබා ගැනීමේ අවස්ථාවද උදා කර දී ඇත.

මුල් ළමාවිය අධ්‍යාපන ක්ෂේත්‍රයේ වෘත්තීය අවස්ථා අපේක්ෂා කරන තරුණ තරුණියන්ට මෙන්ම අධ්‍යාපන සේවයේ නිරත වීමට බලාපොරොත්තු වන පිරිසට මෙම පාඨමාලාව ශක්තිමත් පදනමක් වන බව කළමනාකාර අධ්‍යක්ෂ ඉල්හාම් මරයික්කාර් මහතා සඳහන් කළේය.
එමෙන්ම, මෙම පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කරන අයට ලබාදෙන සහතිකය, ස්වකීය පෙරපාසලක් ආරම්භ කිරීම සඳහා අවශ්‍ය අතිරේක සුදුසුකමක් ලෙසද භාවිත කළ හැකි බව ඔහු වැඩිදුරටත් පැවසීය.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගුණාත්මකභාවය හා ප්‍රමිතීන් ඉහළ නැංවීමේ අරමුණින් කටයුතු කරන ඇමසන් විද්‍යාලය, අනාගත අධ්‍යාපනවේදීන් බිහිකිරීමේ මෙහෙවර සඳහා අඛණ්ඩව කැපවී සිටින බවද ඉල්හාම් මරයික්කාර් මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

Contact Details

Address:

294, 2nd Floor, Galle Road, Colombo-04 , Bambalapitiya, Sri Lanka, 00400

Phone : 0114 386 126

Facebook:
https://www.facebook.com/amazoncollege

You tube:

Office Hours

Monday to Friday: 9:00 AM – 5:00 PM
Saturday and Sunday: 9:00 AM – 1:00 PM

 
Translate »